News

හිටපු ගුවන් හමුදාපති රොෂාන් සහ හිටපු නාවික හමුදාපති වසන්ත ගෞරව නාමයෙන් පිදුම් ලබයි

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් ගෞරව නාමයෙන් සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ්ද ෆ්ලිට් යන ගෞරව නාමයෙන් පිදුම් ලබා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ පැවැති උත්සවයකදී හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට මෙම ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.

තිස් වසරක කාලයක් පැවැති කුරිරු ත්‍රස්ථවාදය මෙරටින් තුරන් කිරීමේ මානුෂීය මෙහෙයුමට හමුදාපතිවරුන් වශයෙන් ලබාදුන් දායකත්වයට රජයේ ඉහළම ගෞරවය පිරිනැමීමට ජනපති කළ තීරණයකට අනුව මෙම උත්සවය අද පැවැත් විණි.