News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අද (18) පෙරවරුවේ කරවනැල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සදහන් කළේය.

රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 73 වන වියෙහි පසු වූ අතර 2007 වසරේ සිට2015 වසර දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇත.