හිමි නමකගෙන් කප්පම් ඉල්ලු දෙදෙනෙක් අත්අඩංගුවට
මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකගෙන් රුපියල් ලක්ෂ 05ක කප්පම් ලබාගැනීමට උත්සාහ කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (06) දිනයේ දී කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .
සැකකරුවන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ඉල්ලා එයින් කොටසක් ඊයේ (06) දිනයේ දී ලබාගැනීමට යාමේ දී මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකරුවන් අද (07) දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.