හූ කියවීම පිටුපස සිටින අය හදුනාගෙන ඇති බව විමල් කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන රැළිවලට සම්බන්ධ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හූ කිවීම පිටුපස හිටපු ජනපතිනියක් සිටින බවට සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද කොළඹදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙලෙස හූ කියන පිරිස මේ වන විට හදුනාගෙන ඇති අතර, ඔවුන් එකම කණ්ඩායමක් බවද විමල් වීරවංශ මහතා මෙහිදී සදහන් කර සිටියා.
