News

හෙට උදේ 8.00 සිට පැය 18ක් කොළඹට ජලය නැහැ

කොළඹ ප්‍රදේශ රැසකට හෙට 24 සිට 25 වැනිදා දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කරන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව හෙට (24) පෙරවරු 8.00ට සිට 25 වන ඉරිදා අළුයම 2.00 දක්වා පැය 18ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ
දෙහිවල ගල්කිස්ස
කෝට්ටේ
කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ
මහරගම
බොරලැස්ගමුව
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ
කොටිකාවත්ත
මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ
රත්මලාන
සොයිසාපුර නිවාස සංකීරණය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.