හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රා.ස ඡන්දයට සියල්ල සුදානම්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (10) පෙරවරුවේ ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේ සිට ආරම්භ කර ඇත.
හෙට (11) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සඳහා ලියපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 කි.
එහි මැතිවරණ කොට්ඨාස 17 ක, ඡන්ද මධ්‍යස්ථාන 47 ක් පිහිටුවා ඇති අතර පිළිගත් දේශපාලන පක්ෂ 5 කින් ඡන්ද විමසීමට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 155 ක් වෙයි.එයින් සභිකයින් 28 දෙනෙකු ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තෝරාපත් කර ගැනේ.
