News

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.

දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර

එම වර්ජනය සඳහා එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවාවලට අයත් නිලධාරීන් එක්වන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් සඳහන් කලේ.