News

හෙරොයින් කිලෝ 1ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (21) රාත්‍රීයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම පරීක්ෂා කිරීම සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන පුද්ගලයෙකි.

සැකකරු තම රියදුරු බලපත්‍රය ලෙස භාවිතා කර තිබුනේ තම වයසේම මියගිය පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රයකි.

සැකකරු අද (22) අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතය.