News

හෙරොයින් කිලෝ 2ක් සමග පාකිස්ථාන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 2යි මිලිග්‍රෑම් 85ක් සමග පාකිස්ථාන ජාතිකයෙකු කොල්ලුපිටියේ පිහිටි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදුකළ බවයි.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 48ක් වන මෙම සැකකරු අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.