හෙරොයින් ජාවරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.
මෙලෙස ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කරනු ලබා දී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වන අතර ඒම පුද්ගලයා කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
හෙරොයින් ග්‍රෑම් 4 .03 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත.
මෙම විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් 2103 වසරේ අගෝස්තු 11 වැනිදා කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබු අතර වසර 6 කට අධික කාලයකට පසු මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇත.
