හෙරොයින් ජාවාරම්කරු සුනිල් ශාන්තට බන්ධනාගාරයෙන් පලායාමට සහායදුන් සැකකරු රිමාන්ඩ්
කොළඹ – රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි සුනිල් ශාන්ත නැමැති හෙරොයින් ජාවාරම්කරුව මුදවාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු අලූත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 08 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි පොලීසිය පැවසුවේ.
සුනිල් ශාන්ත නැමැති හෙරොයින් ජාවාරම්කරුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලායාමට සහය වූ ප්‍රධාන සැකකරු ලූණුගම්වෙහෙර – දෙව්රම්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.