News

හොරණ – කොළඹ බස් රථ වර්ජනයක්

හොරණ-කොළඹ සුඛෝපභෝගී බස්රථ හිමියන් සහ සාමාන්‍ය බස් රථ හිමියන් අද දින බස් ධාවනයනේ ඉවත් වීමට කටයුතු යොදා තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සඳහන් කළේ, ලංගම සුඛෝපභෝගී බස් රථයක් උදෑසන කාලයේ සහ පස්වරුවේ ධාවනයට ආදේශ කිරීමට විරෝධය පළ කරමින් මෙම බස් රථ රියැදුරන් බස් ධාවනයේ ඉවත්ව ඇති බවය.

බස් රථ හිමියන් පවසන්නේ අක්‍රමවත් ලංගම බස්රථ ධාවනය මේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ඔවුහු වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටිති.