ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් සොයාගනියි
වවුනියාව,ඊච්චන්කුලම,තරණිකුලම ප්‍රදේශයේ ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් ඊයේ(05) සවස සොයාගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පුතා නිවසේ නොමැතිවීම හේතුවෙන් සොයා බැලීමේදී පුතාගේ මළ සිරුර ළිඳ තුළ තිබෙනු මියගිය පුද්ගලයාගේ මව දැක අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවයි.
වවුනියාව තරණිකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වු සෙල්වම් නමැති පුද්ගලයෙකුගේ මළ සිරුර එලෙස ළිඳ තුළ තිබි සොයාගත් බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් සිරුර වවුනියාව රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය