ෆේස්බුක් සාදයක් වටලයි – මත්ද්‍රව්‍ය සමඟ 51දෙනෙකු අත්අඩංගුවට
බලංගොඩ, බෙලිහුල්ඔය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පැවැත්වුණු සාදයක් වටලා සැකකරුවන් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සමාජ මාධ්‍ය හරහා මිතුරුවූ පිරිසක් ඊයේ (16) දිනයේ මෙම සාදය පවත්වා ඇති බව පොලිස් විශේෂ කාර්ය සඳහන් කරන අතර
ඔවුන් සන්තකයේ තිබී මත් පෙති, හෙරොයින්, කොකේන්, අයිස් සහ ගංජා ග්‍රෑම් 150 ක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර සුරාබදු අධිකාරිය වෙත භාර දී ඇත.
