සමහරු හිතාගෙන ඉන්නේ මට සිංහල බෑ කියලා සිංහලෙන් කතා කරද්දි එයාලා පුදුම වෙනවා – අකීරා හානිම් අල් ඩකාක්
මෑත කාලයේ බොලිවුඩයේ චිත්‍රපට තිරපිටපත් ලියන පිටපත් රචකයෝ කවුරුත්
කතාව ලියාගෙන යන්නේ ප්‍රධාන නිළියගේ චරිතයට සුදුසු කෙනාව සිහියේ
තියාගෙනලු. ඒ පිටපත්වල හැටියට ප්‍රධාන නිළිය සරාගී චරිතයක් නම් ඔවුන්ගේ
පළවැනි තේරීම වෙන්නේ සනී ලියෝන්. ක්‍රීඩිකාවක් නම් අනුෂ්කා ෂර්මා. ක්‍රියාදාම
චරිතයක් නම් කත්රිනා කායිෆ් හෝ ප්‍රියංකා චොප්රා. රාජකීය චරිතයක් නම්
දීපිකා පදුකෝන්. ටිකක් ආදරණීය චරිතයක් නම් බොහෝමයක් වෙලාවට
ඔවුන්ගේ තේරීම වුණේ ආලියා භාත් හෝ සෝනම් කපූර්. ඔය කතාව මං දැක්කේ
2022 වසරේදි තිරගත වුණු සල්මන් ඛාන් සහ කත්රිනා කායිෆ්ගේ ‘ටයිගර්’ ක්‍රියාදාම
චිත්‍රපටය ගැන ඉන්දීය සිනමා විචාරකයෙක් ලියපු විචාරයක.
“ඉන්දියාවේ එහෙම වුණාට මොකද ලංකාවේ කොයිතරම් නළු නිළියෝ
හිටියත් පිටපතේ සුද්දෙක්ගේ නැත්නම් සුද්දියක්ගේ චරිතයක් තිබුණොත් අන්න
එදාට අපි අසරණයි. කොයිතරම් මේකප් කළත් කිසිම නළුවෙක් නිළියක් ඒ
වගේ ගන්න බෑ.”
ඒ කාරණාව ගැන ඒ කාලෙම අපේ රටේ චිත්‍රපට අධ්යක්ෂවරයෙක්ගෙන් ඇහුවම
ඔහුගෙන් මට ලැබුණේ එහෙම උත්තරයක්. පසුගියදා කාලෙකට පස්සේ ඒ
අධ්යක්ෂවරයා මට ආයෙමත් සැරයක් මුණගැහුනා. එදා මං ඔහුගෙන් අහපු අර
කතාව මතකයේ තිබිලද කොහෙද ඔහු මාව දැකපු හැටියේම මෙහෙම කිව්වා.
“ලංකාවේ කොයිතරම් නළු නිළියෝ හිටියත් පිටපතේ සුද්දෙක්ගේ නැත්නම්
සුද්දියක්ගේ චරිතයක් තිබුණොත් අපි අසරණයි කියලා එදා මං ඔයාට කිව්වා
මතකද? හැබැයි දැන් එහෙම නෑ. ඔන්න සුද්දියක්ගේ චරිතයක් තිබුණොත්
ඒකට ගන්න නිළියක් දැන් අපිට ඉන්නවා.”
ඔහු එහෙම කිව්වේ දුරකතනයෙන් ඒ නිළියගේ ෆොටෝ එකකුත් පෙන්නන
ගමන්. ඇය දැක්ක ගමන් ඇත්තටම මට පුදුමත් හිතුණා. ඒ ඇයගේ පෙනුම
විදේශ තරුණියකගේ පෙනුමට 100%ක් සමාන වුණු හින්දා. මේ වෙද්දි ඇයට
එවැනි විදෙස් චරිතවලට සෑහෙන්න ආරාධනා ලැබෙන බවකුත් අධ්යක්ෂවරයා
කිව්වා. ඉතින් මට ආපු කුතුහලයත් එක්ක ඔහුගෙන්ම ඇයගේ දුරකතන අංකයක්
ඉල්ලගත්තු මම ඇයට කතා කරලා දවසක් දාගෙන ඇය මුණගැහෙන්න ගියා. ඒ
ගිය සතියේ සිකුරාදා හවස. ඇය තමයි අකීරා හානිම් අල් ඩකාක්.
“ඇත්තටම මං පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ නිළියක් වෙන්න. ඒත් ඒ
හීනය සැබෑකරගන්න ලේසිවුණේ නෑ. මුලින්ම මං නිරූපණ ක්ෂේත්රයට ආවා.
ඒ ඇවිත් ෆොටෝ ශූට්ස් කරමින් ඉන්නැද්දි වෙළඳ දැන්වීම්වලට ආරාධනා
ආවා. මට හිතුණා ඒ හරහා රංගනයට එන්න මොකක් හරි පාරක් හදාගන්න
පුළුවන් කියලා. එහෙම හිතලා ඒවා කළා. ඒ අතරෙදි රූපවාහිනී නාලිකාවක
නිවේදන කටයුතු කරන්නත් අවස්ථාවක් උදාවුණා. ඒකෙන් හුඟාක් අය මගේ
ගැන දැනගත්තා. ටික කාලයකින් මට රංගනයටත් ආරාධනා එන්න
පටන්ගත්තා.”
අකීරාගේ පළවැනි ටෙලිනාට්‍යය වුණේ හිරු නාලිකාවේ විකාශනය වුණු ‘දිවිතුරා’
ටෙලිනාට්යයලු. චරිතයේ නම වෙලා තියෙන්නේ ජෙනීලු. හැබැයි ඇගේ රංගන
ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ ස්වර්ණවාහිනී නාලිකාවේ ගිය ‘කෝලම් කුට්ටම’
ටෙලිනාට්‍යය කියලයි අකීරා මං එක්ක කිව්වේ.
“කෝලම් කුට්ටමේ එමා නැත්නම් එමලි කියන චරිතයෙන් තමයි මාව
ගොඩාක් අය දැනගත්තේ. ඒ චරිතය මං නොහිතපු විදියට ජනප්‍රිය වුණා. ඒ
චරිතය විදෙස් තරුණියකගේ චරිතයක් හින්දා මගෙත් පෙනුම ඒ වගේම හින්දා
ගොඩාක් අය හිතලා තිබුණේ මමත් ඇත්තටම විදෙස් තරුණියක් කියලා. මම
හිතන්නේ එමලි කියන චරිතය එච්චරටම ප්‍රසිද්ධවෙන්න මගේ මේ පෙනුමත්
බලපෑවා.”
*අකීරාට හොඳට සටන් කරන්න, ආයුධ පාවිච්චි කරන්න එහෙම පුළුවන් නේද?
“(සිනාසෙමින්) කෝලම් කුට්ටමේ මගේ චරිතේ වුණේ රහස් පරීක්ෂක කෙනෙක්
වගේ චරිතයක්. ඒ හින්දා තිර පිටපතේ තිබුණු විදියට කීපසැරයක්ම මට සටන්
කරන්න තිබුණා. ඒ වගේම නිතරම ගන් එකක් (තුවක්කුවක්) එහෙමත්
පාවිච්චි කරන්න වුණා.”
මේ දවස්වල අකීරා ඉන්න අලුත් ටෙලිනාට්‍යය තමයි ස්වර්ණවාහිනියේ විකාශනය
වන ‘ජුරාලියා’ කියන අලුත් ටෙලිනාට්‍යය. සුපුන් රත්නායක විසින් අධ්‍යක්ෂණය
කරන එහි අකීරා සුපුරුදු විදියටම ඉන්නේ විදෙස් තරුණියකගේ චරිතයකට.
ඉතින් දිගින් දිගටම ඇයට විදේශ චරිතවලටම ආරාධනා ලැබෙන එක ගැනත් මං
ඇයගෙන් අහලා බැලුවා.
“මං කැමතියි එකිනෙකට වෙනස් චරිත කරන්න. ඒත් මගේ පෙනුමත් එක්ක
මට ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ විදෙස් චරිතවලට තමයි.”
*ඇත්තටම අකීරට ඔය වගේ පෙනුමක් ලැබුණේ කොහොමද?
“මගේ තාත්තා විදෙස් පසුබිමක් තියෙන කෙනෙක්. මේ පෙනුම නිසා ගොඩාක්
අය මට රැවටෙනවා. මම සුද්දියක් කියලයි ඒ අය හිතන්නේ. වැඩේ කියන්නේ
මම කොච්චර කිව්වත් එයාලා විශ්වාස කරන්නේ නෑ. සමහරු හිතාගන
ඉන්නේ මට සිංහල බෑ කියලා. සිංහලෙන් කතා කරද්දි එයාලා පුදුම වෙනවා.”
නිළියක් විදියට අකීරාගේ පෙනුම වාසියක්ද අවාසියක්ද කියලත් අහලා බැලුවේ
මට එහි දෙපැත්තක්ම දකින්න ලැබුණු හින්දා.
“මං හිතන්නේ වාසි අවාසි දෙකම එතන තියෙනවා. වාසිය තමයි මං වගේ
විදෙස් පෙනුමක් තියන නිළියක් අපේ රටේ තාම නැති එක. අවාසිය හැම
නිර්මාණයකම විදෙස් චරිතයක් නැති එක සහ සමහර චරිතවලට මගේ
පෙනුම නොගැළපෙන එක. උදාහරණයක් විදියට ගම්බද චරිත වගේ ඒවට.
හැබැයි මේ පෙනුමට මං හරි කැමතියි.”
අකීරා රංගන ක්ෂේත්රයට එනවට මුලින්ම ගෙදරින් කැමතිවෙලා නෑ. ඒකට
හේතුව වුණේ රංගන ක්ෂේත්රය පිළිබඳව සමාජයේ තිබුණු විවිධාකාර කතන්දරලු.
“ගෑනු ළමයින්ට කලා ක්ෂේත්රයේ ඉන්න අමාරුයි, විවිධාකාර ප්‍රශ්න එනවා
වගේ කතා සමාජයේ තිබුණනේ. ඒත් එක්ක ඒ අය මාව නිළියක් කරන්න
කැමති වුණේ නෑ. ඒත් පුංචි කාලේ ඉඳන්ම මට නිළියක් වෙන්න තිබුණු ආසාව
නිසා මං බලෙන්ම වගේ එයාලා කැමති කරගත්තා. දැන් නම් ගෙදරින්
අකමැත්තක් නෑ.”
*ඇත්තටම අකීරා රංගන ක්ෂේත්රය ගෑනු ළමයෙක්ට සුදුසු මදිද?
“එහෙම නෑ. තමන් හරියට ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.”
පුංචි කාලේ ඉඳන් දුටු නිළි සිහිනය අද වෙනකොට අකීරා සැබෑවක් කරගන
තිබුණත් එක හේතුවක් නිසා ඒ සතුට මැදින් පුංචි දුකක් තියෙනවා කියලත් ඇය
තරමක් සංවේදී වෙලා කිව්වා.
“මගේ තාත්තා නැතිවෙලා හරියටම මේ දෙසැම්බර්වලට අවුරුදු 3ක්. එයා
හිටියා නම් අද මං ඉන්න තැන දැකලා ගොඩාක් සතුටුවෙයි. ඒ ගැන හරිම
දුකයි.”
අකීරාගේ එකම බලාපොරොත්තුව කවදා හරි ජාත්‍යන්තර මට්ටමේ නිළියක් වෙන
එකලු. ඉදිරියේදී ඒ හීනයත් සැබෑ කරගන්න උපරිමයෙන් උත්සහ කරනවා
කියලයි අකීරා ‘ධරණී’ට කිව්වේ.
“අපේ රටේ නිළියෝ අතරින් ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණවල රඟපාලා
තියෙන අය ඉන්නේ කීපදෙනෙයි. මමත් උත්සාහ කරන්නේ එහෙම නිර්මාණවල
රඟපාලා අපේ රටට කීර්තියක් ගේන්න සහ මටත් නිළියක් විදියට
වටිනාකමක් හදාගන්න.”
අකීරා කියන්නේ නිළියක් විතරක්ම නෙවෙයි, ඇය සාර්ථක ව්‍යාපාරිකාවක්. ඒ
වගේමයි මනෝ උපදේශනය ගැනත් ඇය වැඩිදුර ඉගෙනගෙන තියෙනවලු.
“මං මුලින් අධ්‍යාපනය ලැබුවේ කොළඹ Presbyterian බාලිකා පාසලේ.
ඊටපස්සේ Lyceum ජාත්‍යන්තර පාසලේ. ඇත්තටම පාසල් කාලේ මං හැම
පැත්තෙන්ම දක්ෂ ළමයෙක්. පාසලේදි ඉගෙනීම් කටයුතු වගේම නර්තනය,
සංගීතය, ක්‍රීඩා කියන හැමදේම කළා. පාසල් අධ්‍යාපනය හමාර කළාට පස්සේ
තමයි ජීවිතේට කවදා හරි වැදගත් වෙයි හිතලා මනෝ උපදේශනය
ඉගෙනගත්තේ.”
කිව්වත් වගේ කාලයෙන් කාලයට අකීරාගේ ජීවිතේට ආපු අභියෝගවලට
සාර්ථකව මුහුණදෙන්න ඒකත් සෑහෙන ලොකු පිටිවහලක් වුණාලු.
“මේ ජීවිතේ අපිට විවිධාකාර අභියෝග එනවා. උදාහරණයක් විදියට මං
මාවම ගත්තොත් ව්‍යාපාරිකාවක් හැටියට මට සෑහෙන අභියෝග එනවා.
රංගනයෙදි අභියෝග එනවා. අපේ පවුලේ මුදුන් මුල වගේ හිටපු තාත්තා
නැති වුණාට පස්සේ එතැනින් එහාට අපට ජීවිතේ සම්බන්ධ අභියෝග ආපු
වෙලාවල් තිබුණා. ඉතින් එහෙම තැන්වල අපට ඒවගෙන් පැනලා යන්න බෑ.
එහෙම ගියොත් පරාදවෙන්නේ වෙන කවුරුත් නෙවෙයි අපිමයි. කරන්න ඕන
කොහොම හරි හිත හයිය කරගෙන ඒවාට මුහුණදෙන එක. දැන් මට ඒ හයිය
තියෙනවා.”
*ජීවිතේ දරාගන්න බැරි තැනක් ආවොත්?
“මම ටිකක් තනියෙන් ඉන්නවා. එහෙම ඉන්න අතරේ ඇයි මට මෙහෙම
දෙයක් වුණේ, මං දැන් මොකද කරන්නේ කියලා හිතනවා. මං ආස නෑ මගේ
ප්‍රශ්න වෙන අයට කියන්න. දරාගන්න බැරිම තැනක් ආවත් මං කොහොම හරි
ඒකට උත්තර හොයනවා. මොකද මම දන්නවා උත්තර නැති ප්‍රශ්න නෑ
කියලා.”
අකීරා කියපු විදියට උත්තර නැති ප්‍රශ්න මේ ලෝකේ නැති හින්දා දෙපාරක්
නොහිතාම මං ආදරේ ගැනත් ඇයගෙන් අහලා බැලුවා. ඇගෙයි මගෙයි කතාබහ
අස්සේ ඇය කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු තැනකදි ඒ ප්රශ්නය අහපු
නිසාද මන්දා අකීරා උත්තර දුන්නෙම හිනාවෙන ගමන්.
“ඔයා හරි කපටියි. හරිම වෙලාව බලලා ඒ ප්‍රශ්නේ ඇහුවා නේද? කමක් නෑ
මම ආදරේ ගැන මෙහෙම කියන්නම්. මම ආදරේ සුන්දරයි කියලා විශ්වාස
කරන කෙනෙක්. හැබැයි එහෙම වෙන්න නම් අපිට ආදරේ කරන, අපිව
තේරුම්ගත්ත, අපේ හීනවලට යන්න උදව් කරන, අපි වෙනුවෙන් බලාගෙන
ඉන්න කෙනෙක් අපේ ජීවිතේට ළංකරගන්න ඕන. එතැන තමයි ඒ ආදරේ
සුන්දරකම තියෙන්නේ.”
*මේ වෙනකොට අකීරා එහෙම කෙනෙක් හොයාගෙනද ඉන්නේ?
“(සිනාසෙමින්) ඒක ගැන මං ඉස්සරහට කියන්නම්කෝ.”
අකීරා ඉන්නේ දෙහිවල. ඇයට ඉන්නේ අම්මයි අක්කයිලු. ඉතින් නිළියක් විදියට
කලා ක්ෂේත්රයේ වැජඹෙන්න අත හිත දුන්නු සියලුදෙනා වගේම ආදරණීය
ප්‍රේක්ෂකයිනුත් අමතක නොකර මතක් කළ අකීරා කතාබහට සමුදුන්නා. හැබැයි
අකීරා ඒ විදියට කතාබහ අවසන් කළාට මොකද අපිට ඔබට කියන්න තව පොඩි
දෙයක් ඉතුරුවෙලා තියෙනවා. ඔහොමම මෙදා සැරේ ‘ධරණී’ කවරේ පොඩ්ඩකට
පෙරළලා බලන්නකෝ. පත්තරේ අතට ගනිද්දිම කවරයේ ඉන්නෙ සුද්දියක් කියලා
රැවටුණා නම්, ඇත්තටම ඒ ඉන්නේ සුද්දියක් නෙවෙයි. ඒ තමයි අකීරා..
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
හැඩගැන්වීම – Ruwinda Uduwarage Bridal Salon