ඉර අවරට යන්න කලින් තේ දල්ලක් හොයන් වරෙව්!
එකමත් එක කාලෙක චීනයේ හිටපු ශෙන්තුංය කියලා රජ කෙනෙක් දවසක්දා උණුවතුර ටිකක් බොන්න හිතිලා වතුර ටිකක් ලිපේ තිබ්බලු. වතුර එක පැහුණට පස්සේ ඒක මදක් නිවෙන්න හැරලා පානය කරද්දී කවදාවත් නැතුව අමුතු රසයක් වගේම සුවඳකුත් රජ්ජුරුවොන්ට දැනුණලු. කොයිඑකටත් කියලා වතුර භාජනයේ අඩියට එබිකම් කරලා බලද්දී රජා දැක්කලු භාජනයේ අඩියට වෙන්න කිසියම් ගසක දලු කිහිපයක් තියෙනවා. ඉතින් ඉර අවරට යන්න කලින් මේ දලු වර්ගේ තියෙන තැනකින් හොයාගෙන වරෙව් කියලා රාජපුරුෂයන්ව පිටත් කරලා හැරියලු. චීන ජනප්‍රවාදවල සඳහන් වෙන හැටියට එදා ඉඳන් ඔය දලු වර්ගේ වතුරෙන් තම්බා පානය කිරීම ශෙන්තුංය රජ්ජුරුවෝගේ විතරක් නෙවෙයි මුළු චීනෙම පුරුද්දක් වුණා. ‘තේ’ පානය කියලා අදටත් අපි බොන්නෙ ශෙන්තුංය රජ්ජුරුවොන්ගේ ඔය පානය. පස්සේ කාලෙක තේ පානය ගැන කරපු නානාප්‍රකාර පර්යේෂණවලින් පවා හෙළිදරව් වුණේ තේ කියන්නේ සාමාන්‍ය පානයක් විතරක් නෙවෙයි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතා ඉහළ පානයක් කියලයි. ඒ විතරක් නෙවෙයි රූපලාවණ්‍ය ශිල්පීන් කියන හැටියට සත්කාරයක් විදියටත් තේ පානය සහ තේ මණ්ඩි යොදාගන්න පුළුවන්.
මේ මඟින් සමේ පිළිස්සුණු තැන් සුවපත් කර සමේ රෝග ඇතිවීම වළක්වනවා විතරක් නෙවෙයි සමේ තුවාල කැළැල් පවා මකලා දානවා. ඊට අමතරව හිසකෙස්වලට ඉතා ගුණාදායක සත්කාරයක් හැටියටත් තේ මණ්ඩි සැළකෙනවා. එච්චර ප්‍රතිලාභ තියෙන එකේ තේ හදලා ඉතිරිවෙන තේ මණ්ඩි ටික අහක නොදා මේ කියන සත්කාර කිහිපය අත්හදා බලන්න කියලයි අපි මේ කියන්නේ.
නීරෝගී සමක් ලබාගැනීමට නම් පළමුව තේ මණ්ඩි ස්වල්පයක් ගෙන ශීතකරණයට දමා පැයක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු එය ඉවතට ගෙන වතුර ස්වල්පයක් ද ඊට එක්කර හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කරගන්න. ඉන්පසු විනාඩි 10 කින් පමණ එය ස්ක්‍රබ් කර සෝදා හරින්න.
තේ මණ්ඩි ස්වල්පයකට දෙහි යුෂ බිංදු 03ක් සහ මී පැණි බිංදු 03ක් ද එක්කර හොඳින් මිශ්‍ර කරගෙන සතියකට වතාවක් මුහුණේ ආලේප කරගන්න. විනාඩි 10කින් ආලේපනය සෝදාගන්න.
සතියකට වතාවක් කෝමරිකා මද ස්වල්පයක් සහ තේ මණ්ඩි ස්වල්පයක් හොඳින් මිශ්‍රකරගෙන මුහුණේ ආලේප කර හොඳින් ස්ක්‍රබ් කරගන්න. විනාඩි 10ක් පමණ එලෙස ස්ක්‍රබ් කර ආලේපනය සෝදා හරින්න.
තේ මණ්ඩි ස්වල්පයකට දෙහි බිංදු තුනක්, මී පැණි බිංදු තුනක් එක්කර මුහුණේ ආලේප කර විනාඩි 10කින් සෝදා හැරීමෙන් දීප්තිමත් වගේම පැහැපත් සමක් ලබාගන්න පුළුවන්.
ඇස් යට කළුවනවා නම් සතියකට දෙවතාවක් මද රස්නේ වතුරට දමාගත් තේ මණ්ඩි ස්වල්පයක් ගෙන ඇස් වටා හොඳින් ආලේප කර සෝදා හරින්න.
ඊට අමතරව තේ කොළ මණ්ඩි පොට්ටනියක් සාදා ඇස් වටා තබා හොඳින් තවාගන්න.
ෂැම්පු යොදා හොඳින් හිසකෙස් සෝදාගත් පසු තේ මණ්ඩි සහිත මද උණුසුම් වතුරෙන් හිසකෙස් හොඳින් සෝදා හරින්න. ඉන්පසු නැවතත් ජලයෙන් හිසකෙස් සෝදා එය තුවායකින් ආවරණය කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හරින්න.
තේ මණ්ඩි සහිත මද උණුසුම් ජලයෙන් මුඛය සේදීමෙන් මුඛ දුර්ගන්ධය වළක්වා ගත හැකියි.
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල
නෙත්මි තෂාරා