News

2019 වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ හෙට දිනයේදීයි.

පසුගිය 20 වැනිද නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් දිනයේදීම ඇමති මණ්ඩල රැස්වීම පැවැත් වුණා.