2020න් පසු ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයක් – මැතිවරණ කොමසාරිස්
2020 වර්ෂයෙන් පසු පැවැත්වෙන මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර, ඒ පිළිබඳව පසුගිය 12 වැනිදා පක්ෂනායකයින් දැනුම්වත් කළ බවයි.
පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව ඊළඟ මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දිය යුතු බවට පක්ෂ නායකයින් එකඟතාවය ප්‍රකාශ කළ බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.
