තාරුණ්‍යයේ ජනප්‍රියම නිළිය වෙන්න ලැබුණු එක ගැන හරිම සතුටුයි මිෂෙල් දිල්හාරා
පසුගියදා පැවති ‘Popular Awards’ සම්මාන උළෙලේදී 2024 වසරට අදාළව තාරුණ්‍යයේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය බවට පත්වුණේ මිෂෙල් දිල්හාරා. ඒ සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි’ කියන ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වෙන ‘මිලා’ චරිතය වෙනුවෙන්. මිලාගේ චරිතය හේතුවෙන් මේ දිනවල ඇයට ප්‍රේක්ෂක ආදරයේ අඩුවක් නෑ. ඒ නිසාම තමයි මේ ඉඩ මෙවර අපි ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා වෙනුවෙන් වෙන්කළේ.
*ඉතින් මිෂෙල් මේ දවස්වල රංගන වැඩකටයුතු කොහොමද?
සුපුන් රත්නායකගේ අධ්‍යක්ෂණයක් වෙන ‘ලලයි ලිලයි ලයි’ ටෙලිනාට්‍යයේ අවසන් රූගතකිරීම් පසුගියදා සිද්ධ කළා. ඒ වගේම අරුණ ජයවර්ධන මහතාගේ ‘රස රහස්’ කියන ටෙලිනාට්‍යය ඉදිරියේ විකාශය වෙන්න තියෙනවා. ඒ වගේමයි ‘සෝලෝ ටවුන්’ චිත්‍රපටයත් ඉදිරියේදි තිරගත වේවි. ඒ ඇරුනම ටෙලිනාට්‍යය දෙකක විතර රූගතකිරීම් සිදුවෙනවා.
*‘ලලයි ලිලයි ලයි’ ටෙලිනාට්‍යයේ ඔබ කරන මිලාගේ චරිතයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා නේද?
ඔව් ඔව්. මට ඒ ටෙලිනාට්‍යයට එකතු වෙන්න ලැබුණේ කොටස් 20ක් වගේ විකාශය වුණාට පස්සේ. ඒ වෙනකොට මමත් ඒ ටෙලිනාට්‍යය නරඹනවා. මේ වෙද්දි ඒ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මට හුඟාක් සතුටුයි.
*ඒ ප්‍රේක්ෂක ආදරේ නිසා පසුගියදා ඔබට විශේෂ සම්මානයකුත් ලැබුණා?
ඔව් පසුගියදා පැවති ‘Popular Awards’ සම්මාන උළෙලේ 2024 වසරට අදාළව තාරුණ්‍යයේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය කියන සම්මානය මට ලැබුණා. අවුරුදු හතහමාරක් වුණු මගේ රංගන ජීවිතේ ජනප්‍රිය කැටගරියේ සම්මානයක් ලැබුණු පළමු අවස්ථාව ඒක. ඉතින් ඒ සම්මානය මට හරිම විශේෂයි.
*රංගන ශිල්පිනියක් විදියට ඔබට සම්මානයක් දැනෙන්නේ කොහොමද?
මං හිතන්නේ මොන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට වුණත් සම්මානයක් කියන දේ ඒ පුද්ගලයාගේ ජීවිතේට සෑහෙන්න වටිනාකමක් එකතු කරනවා. ඒක මටත් පොදුයි. ඉදිරි වැඩකටයුතුවලට ඒක මට ලොකු උත්තේජනයක්.
*පසුගියදා මිෂෙල් දමිළ සිනමාවටත් එකතුවෙලා තිබුණා නේද?
තිනේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයක් වෙන ‘Adiran’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ආරාධනාවක් ලැබුණා. මං දමිළ චරිතයක් කරන පළමු නිර්මාණය ඒක. ඒ නිසා හරි ආසාවෙන් කරපු වැඩක්. වැඩි විස්තර ඉදිරියේදි කියන්නම්.
*මිෂෙල් නිර්මාණයක් බාරගද්දි යම් තෝරාබේරාගැනීමක් කරනවද?
මට ආරාධනා ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් නම් මම ඒක බාරගන්නවා. හැබැයි බාර අරගෙන ඉන්න වැඩත් එක්ක කාලය කළමනාකරණය කරගන්න බැරි නිසා නිර්මාණ ප්‍රතික්ෂේප කරන වෙලාවලුත් නැතුව නෙවෙයි.
*රංගන ජීවිතේ හැරවුම් ලක්ෂය වූ නිර්මාණයක් ඔබට ඇති?
ඒකට උත්තරේ සුනිල් කොස්තා මහතා අධ්‍යක්ෂණය කළ ‘සුදු ඇඳගෙන කලු ඇවිදින්’ ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යය වෙනුවෙන් රයිගම්, සුමති සහ රාජ්‍ය සම්මාන උලෙළවලදී මට වසරේ නැගී එන නිළිය විදියට සම්මාන ලබාගන්න හැකියාව ලැබුණා. ඒ වගේමයි Can You Hear Me, පොදු, ලලයි ලිලයි ලයි කියන ටෙලිනාට්‍යයත් රංගන ජීවිතයේ විශේෂ කඩයිම් කිව්වොත් හරි.
*රංගන ජීවිතේ අමතක නොවෙන දවසක් ගැන කියන්න පුළුවන්ද?
(සිනාසෙමින්) රංගන ජීවිතේ නම් හැම දවසක්ම අමතක වෙන්නේ නෑ. හැබැයි ‘ලලයි ලිලයි ලයි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරද්දි කෑමබීමත් අරන් එතැනට අපිව බලන්න එන අය හිටියා. ඒ ආදරේ අමතක වෙන්නේ නෑ.
*මිෂෙල් පොඩි කාලේ ඉඳන්ම හීන දැක්කේ නිළියක් වෙන්නලු නේද?
(සිනාසෙමින්) ඔව්. ඒ වගේම ගුරුවරියක් වෙන්නත් හීනයක් තිබුණා. ඒ හීනයත් යම්කිසි අවස්ථාවලදි මට සැබෑ කරගන්න ලැබුණා.
*මිෂෙල් ඔය තරම් හොඳට පෙනුම තියාගෙන ඉන්න එකේ රහස කියන්න පුළුවන්ද?
රහසක් නෑ. සාමාන්‍ය තරුණියක් කරන කියන දේවල්මයි මමත් කරන්නේ. ඒත් මම නිතරම සතුටින් හිනාවෙලා ඉන්න උත්සාහ කරනවා. ඒකත් කෙනෙක්ගේ පෙනුමට බලපාන දෙයක් කියනවනේ.
*ඔබ හරි ලස්සනට විලාසිතා කරනවා දකිනවා. එහෙම කරද්දි සැළකිලිමත් වන දේවල් මොනවද?
ඇත්තටම මං ලොකුවට විලාසිතා කරන කෙනෙක් නෙවෙයි. හැබැයි විලාසිතා කරද්දි මගේ පෙනුමත් එක්ක ඒ දේවල් කොයිතරම් දුරට ගැළපෙනවද නැද්ද කියන දේ ගැන සැළකිලිමත් වෙනවා.
*අන්තිමට අනාගත බලාපොරොත්තු ගැනත් කෙටියෙන් කියමුද?
මුලින් කියපු විදියට මම පුංචි කාලයේ ඉඳන්ම හීන දැක්කේ කවදා හරි රංගන ශිල්පිනියක් වෙන්නනේ. ඉතින් මං අද වෙනකොට ඒ හීනය සැබෑ කරගෙන තියෙනවා. ඉතින් රංගන ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යන්නයි මගේ ආසාව. ඒ වගේම මගේ දෙවැනි පොත වෙනුවෙනුත් මේ දවස්වල මං ගොඩාක් මහන්සි වෙනවා.
රුවන් එස්.සෙනවිරත්න