රඟපාන්න ආස නෑ ඒත් හොඳ චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් නම් සළකා බලනවා – විදූශා රාජගුරු
‘පුදදෙන මේ මල් පරවෙනවා සේ
ජීවිතයේ අනියත දකිමී…
හිමි පිළිරුව ළඟ නැවතී මොහොතක්
බුදු බණ පදයක සිත නිවමී…’
අපේ රටේ බොහෝමයක් ගායක ගායිකාවෝ එකම රැල්ලකට ආදර ගීත
ගායනා කරද්දි ඒ රැල්ලට අභියෝගයක් කරලා ඉහත ගීතය ගායනා කළේ
විදූශා රාජගුරු. හැබැයි බුදු ගුණ ගීතයක් වුණත් ඒ ගීතය රටේ අතිශය
ජනප්‍රිය වුණා. ඒත් එක්ක පසුගිය වසරේ පැවති ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ 11 වන
අදියරේ දෙවැනියා වූ විදූශාගේ අලුත් ගීතයක් එනකල් ඇගේ රසික
රසිකාවියෝ උනන්දුවෙන් බලාගෙන හිටියා. ඒ අය වෙනුවෙන් පසුගියදා ඇය
අලුත්ම ගීතය ‘අනන්තය තෙක්’ නමින් එළිදැක්වුවා. මේ වෙනකොට එම
ගීතයත් රටේ සෑහෙන ජනප්‍රියයි. ඉතින් අලුත් ගීතය ගැන වගේම අලුත්
විස්තර මොනවද කියලා දැනගන්නත් එක්ක මෙවර විදූශා රාජගුරු එක්ක අපි
කතා කළා.
*විදූශා කියන්නද? නැත්නම් සංගීත් ප්‍රවීන් විදූශා නේත්‍රාංජලී රාජගුරු කියලා
කියන්නද?
(සිනාසෙමින්) ‘විදූශා’ කියලම කියන්න.
*විදූශාගේ අලුත් ගීතයෙන්ම අපි මේ කතාබහ පටන්ගමු නේද?
‘අනන්තය තෙක්’ නමින් මගේ අලුත්ම ගීතය පසුගියදා එළිදැක්වුවා. අනුරාධ
අබේසිංහ තමයි තනුව සකස් කළේ සහ සංගීතවත් කළේ. පද රචනය දිලානි
කස්තුරිආරච්චි.
*ඉතින් ඔබේ අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. තවම ඒක එළිදක්වලා ගියේ
පොඩි කාලයක් හින්දා ඉදිරියේදි ගීතයට තවත් ගොඩාක් හොඳ ප්‍රතිචාර
ලැබෙයි කියලා විශ්වාස කරනවා.
*විදූශා මීට කලින් කළ ‘සම්බුදු රුව’ ගීතයත් අතිශය ජනප්‍රිය වුණා නේද?
ඒකට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ගීතය මේ වෙද්දි මිලියන ගණනක් නරඹලත්
තියෙනවා. අම්මා තමයි කිව්වේ මුලින්ම බුදු ගුණ ගීතයක් කරමු කියලා. ඒකෙ
පද රචනය කළේ නිල්මිනී වනින්ද්රසිංහ. ඒ ගීතයේ සංගීතය අනුරාධ
අබේසිංහගේ.
*ඔබ තමයි අවසානෙට තිබූ ‘දෙරණ ඩ්‍රීම්ස්ටාර්’ තරඟාවලියේ දෙවැනියා.
ඩ්‍රීම් ස්ටාර් මතකය අලුත් කළොත්?
අපේ රටේ කොයි තරම් ගායන රියැලිටි තරඟ තිබුණත් මගේ කැමැත්ත
තිබුණේ ඩ්‍රීම් ස්ටාර්ම එන්න. මොකද මීට අවුරුදු ගාණකට කලිනුත් දෙරණ
මගේ ජීවිතේ වෙනස් කළා. අන්න ඒ විශ්වාසය තිබුණා.
*අපිට කියන්න ඒ කතාව මොකක්ද?
මං ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ 4 වන අදියරට ආවා. එතකොට මට අවුරුදු 8යි. ඒ
සැරේ මං තමයි ලිට්ල් ස්ටාර් ජනප්‍රියම තරුව වුණේ. ඒකෙන් මගේ ජීවිතය
සෑහෙන්න වෙනස් වුණා. ඒ හරහා අපේ රටේ හුඟාක් අය මාව අඳුනගත්තා.
*එහෙනම් විදූශාට ‘ඩ්‍රීම් ස්ටාර්’ ගැන ලොකු හීනයක් තියෙන්න ඇති?
එහෙම නෑ කිව්වොත් බොරුවක්. මොකද හැමෝම එන්නේ දිනන්න බලාගෙන.
මම වුණත් ගොඩාක් ආසාවෙන් හිටියා කිරුල මාතලේට අරගෙන යන්න. ඒත්
අපි හිතන පතන හැමදේම ඒ විදියටම වෙන්නෙත් නෑනේ. හැබැයි අවසාන
මහා තරඟයට සුදුසුකම් ලැබීමත් ඩ්‍රීම් ස්ටාර් වුණා වගේ තමයි.
*එදා අවසන් තරඟයේදි ඔබත් එක්ක තරඟ වැදුනු අංජලී, අපූර්වා එහෙම
දැන් කතාබහ කරනවද?
ඔව් ඔව් කතා කරනවා. අපි එදා ඉඳන්ම හොඳ යාළුවෝ. අදටත් අපි ඉඳලා
හිටලා මුණගැහෙන වෙලාවල් තියෙනවා.
*විදූශා පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ ගායිකාවක් වෙන්නද?
ඔව් ඔව් පුංචි කාලේ ඉඳන්ම මට එහෙම ආසාවකුත් තිබුණා. මටත් වඩා
අම්මා මං ඒ පැත්තෙන් තැනකට එන හැටි දකින්න හීන දැක්කා.
*ඔබට වරක් සරසවි සම්මානයකුත් ලැබුණා නේද?
ඔව් සුනිල් ආරියරත්න මහතාගේ ‘අලි කතාව’ කියන චිත්‍රපටයේ ගීත ගයන්න
අවස්ථාවක් ලැබුණා. ඒ වෙනුවෙන් 2017 සරසවි සම්මානය ලැබුණා. ඒ
සම්මානය ලැබුණු ලාබාලම ගායිකාවත් මම. ඒකත් මගේ ගායන දිවියේ
විශේෂ අවස්ථාවක්.
*ඔබේ පෙනුමට තාරුණ්‍යයේ ලොකු ආකර්ෂණයක් තියෙනවා?
(සිනාසෙමින්) අනේ මන්දා. ඒත් ගොඩාක් අය අහනවා රඟපාන්නේ නැද්ද
කියලා.
*ඇත්තටම විදූශා රඟපාන්න කැමති නැද්ද?
ටෙලිනාට්‍යවලට ආරාධනා ආවා. ඒත් මං රඟපාන්න ආස නෑ. ෆොටො ශූට්,
වෙළඳ දැන්වීම් නම් මං කරනවා. හැබැයි හොඳ අධ්යක්ෂවරයෙක් කරන
චිත්‍රපටයකට වගේ ආරාධනා ආවොත් ටිකක් සළකලා බලනවා.
*ඔබ තාමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක් නේද?
ඔව් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉන්නේ. තාම වයස
22යි.
*ඔබගේ පවුලේ වෙන ඉන්නේ කවුද?
අම්මයි අක්කලා දෙන්නයි. තාත්තා නම් ජීවතුන් අතර නෑ. එයා නැතිවෙලා
දැන් අවුරුදු 7ක්. එයා නැතිවෙද්දි මට අවුරුදු 15යි.
*තාත්තත් ජීවතුන් අතර හිටියා නම් පොඩි දුවගේ වැඩ දැකලා සතුටුවෙයි?
ඔව් එයා ගොඩාක් සතුටුවෙයි. මගේ සිංදු අහන්න අපේ තාත්තා හිටියා නම්
කියලා හිතෙන වාර අනන්තයි.
*විදූශාගේ අනාගත බලාපොරොත්තු ගැනත් අවසානෙට දැනගන්න
කැමතියි?
ලොකුම බලාපොරොත්තුව රටක් ආදරේ කරන ගායිකාවක් වෙන එක තමයි.
රුවන් එස්.සෙනවිරත්න