ස්ත්‍රී දූෂණ – ළමා අපයෝජන ප්‍රභාකරන්ට පේන්න බෑ
මුලතිව් උපන් ශකිලා කුඩා කාලයේ පටන් අධ්‍යාපනයට, ක්‍රීඩාවට හා කලාවට දක්ෂ තැනැත්තියකි.
සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වුවද සිය පියාට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයට රැකියාවකට
යෑමට සිදුවේ. මේ අතර 1990 ජූනි මාසයේදී දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වන අතර එහි ප්‍රතිඵලයක්
ලෙස ශකිලාගේ පවුල මුලතිව් අත්හැර පුදුකුඩිරිප්පුහි පදිංචියට යන්නීය. එහිදී ඊළාම් අධිකරණයේ
රැකියාවක් ඇයට හිමිවේ. එම ඊළාම් අධිකරණයේ කටයුතු තවදුරටත් විස්තර කළ ශකිලා;
“ඊළාම් අධිකරණයේ දඬුවම් දෙන විදිය කාලයෙන් කාලෙට වෙනස් වුණා.”
“පැහැදිලි නැහැ?” මම විමසීමි.
“ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරු ප්‍රදේශයේ පාලනයක් පටන්ගත්තට විධිමත් වුණේ කාලයෙන්
කාලයට. අධිකරණ කටයුතුත් එහෙම තමයි. දණ්ඩ නීති සංග්‍රහයක් තිබුණට නීතිය ක්‍රියාත්මක කරද්දි
මානව හිමිකම්, ජාත්‍යන්තර නීතිරීති ගැන එච්චර තැකීමක් කළේ නැහැ. 2002 රජයත් එක්ක අවබෝධතා
ගිවිසුම අත්සන් කරාට පස්සේ ජාත්‍යන්තරය තුළ යම් පිළිගැනීමක් ලැබුණා. පාරවල් විවෘත වෙලා
දකුණත් එක්ක සබඳතා ඇතිවුණා. භාණ්ඩ තහනම ඉවත් වෙලා, හිඟවෙලා තිබුණා පෙට්‍රල්, ඩීසල්,
සිමෙන්ති, යකඩ වගේ භාණ්ඩ අඩුවක් නැතිව උතුරට ලැබෙන්න ගත්තා. දකුණෙ සංචාරකයන් වගේම
විදේශීය සංචාරකයන් පවා උතුරට ආවා. සන්නිවේදන කටයුතුත් දියුණු වුණා. නෝර්වේ වගේ රටවල්
එල්.ටී.ටී.ඊ. එකේ ඒ කියන්නේ ඊළාම් රාජ්‍යයේ පරිපාලනය විධිමත් කරන්න ආධාර උපකාර කළා. හැබැයි
මේ ඊළාම් රජය ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිගත්තෙ නැහැ. ඒ නිසා පරිපාලනය පැත්තෙන් උසස් පුහුණුවීම්
අවස්ථා ලැබුණෙ නැහැ. මේ තත්ත්වය නිසා නෝර්වේ, ඩෙන්මාර්ක්, ස්කොට්ලන්තය වගේ දියුණු රටවල්
ඊළාම් පරිපාලනය විධිමත් කරන්න උදව් උපකාර කළා. ඊළාම් පොලිස් නිලධාරීන් වගේම අධිකරණ
නිලධාරීන් සැරින් සැරේ ඒ රටවලට ගෙන්වලා පුහුණුව ලබාදුන්නා. ඒ නිසා පොලිස් නිලධාරීන් වගේම
ඊළාම් නීතීඥයන් හා විනිසුරුවන් දියුණු රටවල ශිෂ්‍යත්ව ලැබිලා පුහුණුවලට ගියා.”
ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර 2002 වර්ෂයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ
මධ්‍යස්ථ පාර්ශවකරුවා වූයේ නෝර්වේ රාජ්‍යයයි. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයා
වූයේ එරික් සෝල්හයිම් මහතායි. ඔවුන්ගේ මැදිහත්වීමත් සමඟ එල්.ටී.ටී.ඊ.යටද යම් යම් අවස්ථාවල විදේශ
රටවල උපදෙස් පිළිපදින්නට සිදුවිය. එම පරිවර්ථනීය වෙනස විස්තර කළ ශකිලා.
“ගිවිසුම අත්සන් කළාට පස්සේ යුරෝපා රටවල් අත්අඩංගුවට ගත්ත පුද්ගලයන්ගේ වගේම
සිරකරුවන්ගේ මානව හිමිකම් ගැන උනන්දු වුණා. උදාහරණයක් විදියට 2002ට කලින් කසිප්පු (නීති
විරෝධී මත්පැන්) පෙරලා අහුවුණාම එයාලව පොලිසියට, උසාවියට අරගෙන එන්නෙ බැරල්, දඟර වගේ
උපකරණ එක්ක. නගරයේ සෙනඟ මැදින් මේ උපකරණ කරේ තියාගෙන එන්න ඕන. එහෙම කළාම
ලැජ්ජාවට එයාලා නැවත එහෙම කරන්නෙ නැහැ. ඒ නැතත් පවුලේ අය ඒ දේවල් කරන්න ඉඩ දෙන්නෙ
නැහැ. හැබැයි 2002න් පස්සේ මානව හිමිකම් කඩවෙනවා කියලා උපකරණ එක්ක පාරවල් ගානේ
ඇවිද්දවන එක නතර කළා. ඒ වගේම තමයි සමහර වැරදිවලට මරණ දඬුවම නියම වුණාම ප්‍රසිද්ධියේ
වෙඩි තියලා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ. 2002 වෙද්දි මම ඊළාම් අධිකරණයේ රාජකාරි කළේ
නැහැ. ඒත් මට දැනගන්න ලැබුණා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල මැදිහත්වීම් නිසා මරණ
දඬුවම ක්‍රියාත්මක කළේ නැහැ කියලා. නායකතුමාගෙ (ප්‍රභාකරන්ගෙ) අත්සන නැති නිසා ජීවිතාන්ත
සිරදඬුවමක් විදියට තමයි එයාලා ඉඳලා තියෙන්නේ.”
“දැන් යුද්ධයත් ඉවරයි. එල්.ටී.ටී.ඊ. එකත් ඉවරයි. ඊළාම් ආණ්ඩුවත් ඉවරයි. ඒ අයගේ දැන් තත්ත්වය
මොකක්ද?”
“මට දැනගන්න ලැබුණු විදියට යුද්ධයේ අවසාන දවස්වල ඊළාම් බන්ධනාගාරයේ කටයුතු නැවතුණා.
ඊළාම් බන්ධනාගාර නිලධාරීන් සිරමැදිරි ඇරලා සිරකරුවෝ එළියට යවලා ඒ අයත් පැනලා ගිහිල්ලා. මරණ
දඬුවම නියම වුණ සිරකරුවෝ සමහරු හොඳ රැකියා කරගෙන ඉන්නවා. සමහරු විදේශගත වෙලා.”
“එතකොට මොන වගේ පැමිණිලි ද වැඩි වශයෙන් විභාග වුණේ?”
“පුදුකුඩිරිප්පුවල අපරාධ නඩු අහන්නයි සිවිල් නඩු අහන්නයි අධිකරණ විනිසුරුවරුන් දෙන්නෙක් හිටියා.
මට මතක හැටියට එක්කෙනෙක්ගේ නම චෙකියන්. අනිත් කෙනාගේ නම සුන්දර්. එකම අධිකරණයේ
වෙලාවකට සුන්දර් විනිසුරුතුමා නඩු අහනවා. එයා බැහැලා ගියාම චෙකියන් විනිසුරුතුමා නඩු අහනවා.
මීට අමතරව මහාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ තිබුණා. හැබයි අපරාධ නඩු ඉතාමත් අඩුවෙන් ආවේ.
කලාතුරකින් තමයි මිනීමැරුම් නඩු ආවේ. බීලා රණ්ඩු වුණු ඒවා, කපා කොටාගැනීම් එහෙම ආවා. හොරකම්
එහෙමත් ආවා. සිවිල් නඩුවලට වැඩිපුරම ආවේ ඉඩම් ආරවුල්. හැබැයි නඩු වැඩිකල් ගන්නෙ නැතිව ඉක්මණින්
විසඳනවා. දඩ වුණත් ලක්ෂ ගණන් තිබුණෙ නැහැ. රුපියල් 100 ඉඳලා තිබුණා. ගොඩක් වෙලාවට රු.500ට
අඩු දඩ තිබුණෙ. තෙල් නැති නිසා මෝටර් රථ වැරදි, රිය අනතුරු වගේ නඩු ගොඩක් අඩුවෙන් ආවේ. හැබැයි
ඊළාම් පොලිසියේ රථවාහන අංශයක් තිබුණා. එහෙම අයගේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍ය පාපැදිය නිසා
රථවාහන අංශයේ (ට්‍රැෆික්) අය වැඩිපුරම අරගෙන ආවේ පාපැදි නඩු. එහෙ පාපැදි ලියාපදිංචි කරන්න
ඕන. ඒ නිසා පාපැදි ලියාපදිංචි කරලා නැහැ කියලා නඩු එනවා. ඒ වගේම එළියක් නැතිව කළුවරේ යන
පාපැදි අල්ලලා නඩු දානවා. බීමත්ව පාපැදි පැදගෙන යන අය අධිකරණයට ඉදිරිපත් කරනවා. පාපැදි
අනතුරුත් අධිකරණයට එනවා.”
හිටපු අමාත්‍යවරියක වූ විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී
ප්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ.ය සිටියානම් කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ උතුරේ සිදු නොවන බවයි.
එම ප්‍රකාශයත් සමඟ ඇමතිවරියට එරෙහිව දකුණේ ප්‍රබල විරෝධයක් ගොඩනැගුන අතර අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇගේ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි පවා ලැබුණෝය. එහිදී ඇමතිවරියට
එරෙහිව විමර්ෂණයන් පවා ආරම්භ කෙරිණි. මේ පිළිබඳව ශකිලාගෙන් විමසීමි.
“ඒ සිද්ධිය ගැන මම වැඩිය දන්නේ නැහැ. හැබැයි ඒ කාලේ දැන් වගේ නෙමෙයි කාන්තාවන්ට ලොකු
ආරක්ෂාවක් තිබුණා කියලා මමත් පිළිගන්නවා. ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන නඩුවක් වුණත් වැඩිකල්
අහන්නෙ නැහැ. කෙටි කාලයක් තුළ නඩුව අහලා තීන්දුව ලබාදෙනවා. වැරදිකරයා වුණොත් ප්‍රසිද්ධියේ
මරණ දඬුවම දෙනවා. ඒ වගේම තමයි ගෑනු ළමයෙක්ට නරක විහිළුවක් කළත් ඒකත් ලොකු වරදක්. ඒ
වැරදිවලට දැඩි දඬුවම් දුන්නා. ඒ නිසා කාන්තාවන්ට නිකම්ම ආරක්ෂාවක් ලැබුණා.”
එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට දඬුවම් ලබාදුන් ආකාරය ලබන සතියට…
සනත් ප්‍රියන්ත