21වැනිදා දක්වා කල් තැබූ පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි
පාර්ලිමේන්තුව යළි හෙට (16) දිනයේදී රුස්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.
අද උදෑසන පාර්ලිමේන්තුවේදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් කැදවූ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා දක්වා කල්තැබූ බවට මීට පෙර දැනුම් දුන්නා.
කෙසේ වෙතත් පක්ෂ නායකයින්ගේ රැස්වීම අවසානයේදී යළි පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට රැස්වීමට තීරණය කර තිබෙනවා.
පක්ෂ නායකයින්ගේ රැස්වීම පැවැත්වුනේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායකවරයාගේ නිල කාමරයේදීයි.