69 ලක්ෂයක් වටිනා දුම්වැටි තොගයක් සමඟ සිව් දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පුද්ගලයින් සිව් දෙනෙකු අද(18) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම දුම්වැටි වැටලීම වන අතර මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ සිව් දෙනා කුළියාපිටිය, නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 31, 49 සහ 40 යන වයස් වල පසුවන ව්‍යාපාරිකයින් තිදෙනකු සහ වයස අවුරුදු 36ක ව්‍යාපාරික කාන්තාවකි.
මොවුන් අද(18) දින උදෑසන 6.30 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ – 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, ” හරිත මාවත ” ඔස්සේ පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු වල රුපියල් 69 ලක්ෂයක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 690 සඟවා ගෙන තිබූ බව රේගුව පවසයි.