Latest News

දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඇස් රෝගයක්

දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඇස් රෝගයක් ………….

මේ දිනවල දරුවන් අතර ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කලේ,

“බොහෝ දරුවන්ගේ ඇස්වලින් කබ ගැලීම සහ ඇස් රතුවීම වගේ රෝග ලක්ෂණ අපි දැක්කා. මේක ඉතා ඉක්මනින් පැතිරෙනවා. මේක වෛරස් එකක්. හැබැයි ද්විතීකව බැක්ටීරියා ආසාදනයක් වෙන්නත් පුළුවන්. රෝග ලක්ෂණ තියෙන අය කැස්ස, හෙම්බිරිසාව, උණ සහ ඇස් රතුවීම හෝ ඇස්වලින් කබ ගැලීම තියෙනවා නම් ගෙදර ඉන්න. වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න මේක දිගටම තිබුණොත්.” ලෙසයි.