Latest News

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අජිත් රෝහණට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අද දින සිට මෙම පත්වීම සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.