Latest News

ආධාර ලබාදීමේදී විනිවිදභාවය තිබීම අත්‍යාවශ්‍යයි – ජුලී චන්ග්

අමෙරිකා එක්සත් ජනපදය ආධාර ප්‍රදානය කරනු ලබන්නේ, ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් සහිත හවුල්කරුවන්ට පමණක් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කරනවා.

ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය සහ විනිවිදභාවය තිබීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

ඒ අනුව එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට මෙන්ම සහාය අවශ්‍යම පුද්ගලයන්ට සහාය ලැබෙන බවට තහවුරු කර ගත හැකි බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළා.