“අපේ අම්මා” ලංකාවේ වැඩිම ආදායමක් ලබන යූටියුබ් නාලිකාව බවට පත්වෙයි…
“Ape Amma” යූටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන නාලිකාව ලෙස සටහන්ව තිබෙනවා.
නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව,‘අපේ අම්මා’ නාලිකාව අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් අමෙරිකානු ඩොලර් 962,386ක් උපයනු ලබන බව සඳහන් වනවා.
ආහාර සැකසීම සම්බන්ධ වැඩසටහන් ඇතුළත් ‘අපේ අම්මා’යුටියුබ් නාලිකාව ආසියාවේ ඉහළම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකා අතර ද ප්‍රමුඛස්ථානයේ පසුවනවා.
මේ අතර වැඩිම ආදායමක් ලබන ලොව අංක 01 යුටියුබ් නාලිකාව ලෙස ආදායම් වාර්තා අතරින් ඉහලම ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු ළමා යු ටියුබ් නාලිකාවක් වන “Cocomelon” ය.
එහි ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 282.8ක් ලෙස සටහන්ව තිබෙනවා.