Latest News

කංසා නීතිගත කරන්න කිව්වේ බිබී හැමතැනම ඇවිදින්න නෙමෙයි – ඩයනා ගමගේ

ගංජා නීතිගත කරන ලෙස සඳහන් කලේ, එය අවභාවිතා කිරීමට නොවන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.

මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, කංසා යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳිච්ච දෙයක් බවත් මෙය ඖෂධයක් බැවින් ඉන් ප්‍රයෝජන ගත යුතු බවත්ය.

කංසා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ළිංමැඩි මානසිකත්වයෙන් ඉවත්වන ලෙසත් එතුමිය මෙහිදී ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ මහත්මිය සඳහන් කලේ,

“ගංජා නීතිගත කරන්න කියන්නේ ගංජා බිබී පාරේ ඇවිදින්න කියලා නෙමෙයි, ඒක නීතියෙන් තහනම්. මේක මෝඩ නැතිව හරියට බලන්න ගුගල් කරලා කංසා වලින් අනික් ලෝකේ රටවල් 52ක් ඩොලර් බිලියන ගණන් හම්බ කරනවා. මෙරට ගොඩදාන්න ඕන. ගංජා කියන්නේ අපේ ඉතිහාසයත් එක්ක බැඳිච්ච දෙයක්. ඒක ඒ කාලේ රජවරු පවා, රාවනා යුගයේ ඉඳල එන දෙයක් මේ කංසා කියන්නේ. එක් හින්දා මේ ඖෂධයක්. මේ ඖෂධ ගුණය අරගෙන මේක හරියට පාවිච්චිකරලා පිටරටවල් වලට exportation කරන්න ඕන. බෙහෙතක් මේක. මේක නැතිව බිබී හැමතැනම ඇවිදින්න ඕන කියල නෙමෙයි කියන්නේ. මේක මිනිස්සු තේරුම් ගන්න ඕන. හැබැයි තේරුණ මිනිස්සු මේ රට තුළ ගොඩක් ඉන්නවා. මේ වගේ ගොඩාක් මට සහයෝගය දක්වන මිනිස්සු ගොඩක් ඉන්නවා. මේක කල යුතුයි කියලා. හැබැයි ඉතින් ළිංමැඩ්ඩො වගේ අය තමයි ඕවා කියන්නේ, මේ ගංජා බොනවා කියන එක. එච්චරයි ඒගොල්ලෝ දන්නේ. පව් ඉතින්.” බවයි.