ආහාර විෂ වීමකින් පාසල් දරුවන් 150ක් රෝහල් ගත කෙරේ
මතුගම ප්‍රදේශයේ පාසලක සිසුන් 150දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
එම සිසුන් පිරිස වාර්ෂික අධ්‍යාපන චාරිකාවක නිරතව වෙමින් සිටින අතරතුර වරකාපොළ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගැනීමෙන් අනතුරුව ඒවා විෂවී මෙලෙස වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පාසලේ හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.
පෙර අවස්ථාවකදී ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.