කුඩා ළමුන් අතර වේගයෙන් පැතිරෙන උණ රෝගයක්
කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
මෙහිදී ඔහු සඳහන් කලේ, ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තියෙන රෝගීන් සහ ඩෙංගු ව්‍යාප්තිය තාමත් පරිසරයේ ඇති බවයි.
එමෙන්ම, උණ සමග කැස්ස, හෙම්බිරිසාව හා වමනය ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,
“ඉතින් ඔය රෝග ලක්ෂණ තියෙන් පුළුවන් ඉන්ෆ්ලුවෙන්සාවලටත් වෙනත් වෛරස්වලට ඉතින් ඒ රෝග ලක්ෂණ තියෙන අයට විශේෂයෙන්ම කියන්නේ, ගෙදර ඉන්න පුළුවන්නම් ඉන්න. ඒ ළමයිට විවේකය ලබාදීලා, දියර ආහාර ලබාදීලා, පැරසිටමෝල් මාත්‍රාවක් ලබාදීලා ගෙදර තියාගන්න පුළුවනම් හොඳයි.
හදිස්සිම අවස්ථාවක එළියට යනවානම් මාස්ක් එකක් දාගෙන යන්න. ගෙදර වුණත් මාස්ක් එකක් දාගෙන ඉන්න පුළුවනම් හොඳයි. මොකද ගෙදර අයට බෝවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මොන්ටිසොරි, ඩේ කෙයාර් සෙන්ටර්වලට යන ළමයින්ට රෝග ලක්ෂණ තියෙනවානම් ගෙදර තියාගන්නවානම් හොඳයි. උණ දවස් දෙකකට වැඩියෙන් තියෙනවා නම් මේක ඩෙංගු වෙන්න පුළුවන්. දවස් තුනකට වැඩිය උණ තිබුණොත් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා බලාගන්න. ඩෙංගු තියෙනවා නම් රුධිර පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් වහාම රෝහල්ගත වෙන්න.”