CID භාරයට ගත් රංගන ශිල්පී රයන් වැලිගම පොලිසියට භාර දෙයි
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී ඇත.
ඔහු ගමන් කළ මෝටර් රථයේ තිබී ගංජා සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස වැලිගම පොලීසියට භාර දී ඇති අතර ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 04 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.
රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු 5 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.