ඉවුම් පිහුම්

බත් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

*බත් කෝප්ප 1 1/2

*අල ග්‍රෑම් 250

*කැරට් ගෙඩි 1

*මාළු ග්‍රෑම් 150

*අමුමිරිස් කරල් 3/4

*ඉඟුරු කැබැල්ලක්

*සුදුලූනු බික් 2/3

*ලොකු ලූනු ගෙඩි 1

*ලුණු, ගම්මිරිස් රස පදමට

*කුරුඳු කැබැල්ලක්

*එනසාල් කරල් 1

*පාන්කුඩු ග්‍රෑම් 100

*බැටරයට පාන්පිටි අවශ්‍ය පමණට

*බැදගැනීමට තෙල්

 

සාදන ක්‍රමය

*අල සහ කැරට් තම්බා අතින් හෝ ගෑරුප්පුවක් භාවිතයෙන් පොඩි කරගන්න.

*තම්බාගත් මාළු කෑල්ලද කටු ඉවත්කර පොඩිකරගන්න.

*දැන් බත්වලින් කොටසක් යාන්තමට බ්ලෙන්ඩ් කරගන්න.

*අනතුරුව භාජනයක් ලිප තබා ඊට තෙල් එක්කර සිහින්ව තලාගත් ඉඟුරු, සුදුලූනු, ලූනු, කරපිංචා (කුඩාවට ලියාගත්) ඊට එක්කරන්න.

*කුරුඳු පොතු, තලාගත් එනසාල්ද ඊටම එක්කර හොඳින් බැදගන්න.

*දැන් එයට අල, කැරට්, මාළු සහ බ්ලෙන්ඩ් කළ බත් සහ අනෙක් බත් කොටසද එක්කර හොඳින් කලවම් කරගන්න. රස අනුව ලුණු, ගම්මිරිස් එක්කරන්න.

*මෙම මිශ්‍රණය ලිපෙන් බා මදක් නිවෙන්නට හැර කුඩා බෝල ලෙස සාදාගන්න.

*සාදාගත් පාන්පිටි බැටරයේ කට්ලට් ගිල්වා එය පාන්කුඩුවල දවටාගන්න.

*දැන් මෙය ගැඹුරු තෙලේ බැද කෑම මේසයට යවන්න.

**බත් කන්නට අදිමදි කරන කුඩා දරුවන්ට වුවද මෙය ගුණදායක කෑමකි.

 

ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීම

නිරෝෂි දොළමුල්ල