News

Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාල තාවකාලිකව අත්හිටුවයි

Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලවලට ප්‍රවේශ වීම, යළිත් වරක් තාවකාලිකව අවහිර කර ඇත.

රට තුළ පවතින වත්මන් ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළ අතර ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග රට තුළ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු සඳහන් කළේය.