පැරිසියේ ධාවන තරඟයකින් ශ්‍රී ලංකික කාන්තාවකට පළමු ස්ථානය හිමි වෙයි
පරිසර දූෂණය හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පැරිස් නගරයේදී සංවිධානය කොට තිබූ කිලෝ මීටර් දහයක් දුර මැරතන් ධාවන තරඟයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් පළමු ස්ථානය හිමි කරගෙන තිබෙනවා.
යාපනයේ සිට පැරිසියට ගොස් සිටින ප්‍රවීනා නිමලී නැමැති 42 හැවිරිදි ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වනවා.
පැරිස් නගර මධ්‍යයෙන් ආරම්භ වූ මෙම මැරතන් ධාවන තරඟය පැරීසියේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයේදී අවසන්වී තිබෙනවා.
මෙම මැරතන් ධාවන තරඟයට පැරිසියේ පදිංචි කාන්තාවන් 300 ක් සහභාගී වූ අතර පළමු ස්ථානය දිනාගත් යාපනයේ කාන්තාවට විශේෂ ත්‍යාග හා රන් පදක්කම හිමිවුණා.
මෙම මැරතන් ධාවන තරඟය අතර වාරයේ පැරිස් නගරයේ වැසියන් 20,000 කට පමණ පරිසර දූෂණය හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානි පිළිබඳ අවබෝධයක් හා අධ්‍යාපනයක් ලබා දීමට තරඟ සංවිධායකවරුන් කටයුතු කර තිබෙනවා.