Latest News

මුදල් ප්‍රමාද වෙන තරමට ඡන්දය කල් යනවා – රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාද වෙන තරමට එම ඡන්දය දිනෙන් දින කල් යන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පවසා සිටිනවා. මේ අනුව මෙම මුද්‍රණ වියදම් අද හෙට ලැබුණොත් මුද්‍රණ කටයුතු කිරීම සඳහා දින 30ක පමණ කාලයක් ගතවෙන බව ද පවසා සිටිනවා.

උදාවී තිබෙන තත්ත්වය අනුව මෙම මැතිවරණය අප්‍රේල් මාසයේ කෙසේ වෙතත් මැයි මාසය තුළවත් බලාපොරොත්තු විය හැකි බවත් ලහි ලහියේ මුද්‍රණය කිරීමට අවශ්‍ය වුවහොත් අතිකාල සේවාවන් යොදා හෝ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට උත්සාහ දරන බව ද ඇය වැඩිදුරටත් පවසා සිටියා.