Latest News

ගයන්තිකා අබේරත්න ලක්මව බබලවයි…

ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න, මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 කාන්තා ධාවන තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා.

එහි මීටර් 800 කාන්තා තරඟය අවසන් වුණේ ඊයේ (07) උදෑසනයි.

ගයන්තිකා අබේරත්න ප්‍රථම ස්ථානය දිනා ගත්තේ විනාඩි 2යි තත්පර 4යි දශම 2යි 6ක කාලයකිනි.

ගයන්තිකා මීටර් 800 කාන්තා ඉසව්වේ ජාතික වාර්තාවට ද හිමිකම් කියන අතර, ඇයගේ හොඳම කාලය ලෙස විනාඩි 2යි තත්පර 1යි දශම 2ක කාලයක් සටහන් වනවා.