Latest News

ගීතා කුමාරසිංහගේ නිවසට හානි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය මැයි මස 9 සහ 10 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඊයේ (31) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 51ක් සහ 48ක් වන කෑගල්ල ප්‍රදේශයේ සහ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඒ අනුව අමාත්‍ය තාරක බාලසූරියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ගීතා කුමාරසිංහගේ දේපළ විනාශ කිරීමට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.