Latest News

ගීනා රයින්හාට්ගේ ඩොලර් මිලියන 4.1ක උපන් දින තෑග්ග

ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාග ලබාදීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ඇය තීරණය කර ඇත්තේ, තෝරාගත් සේවකයින් 41 දෙනෙකු වෙත ඩොලර් ලක්ෂය බැගින් ත්‍යාග මුදලක් පිරිනැමීමටයි.

ඒ සඳහා පතල්, බලශක්ති සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල ඇයට අයත් සමාගම්වල සේවකයින් 4000ක් අතරින් 41 දෙනෙකු තෝරාගැනීමට නියමිතව තිබෙනවා.

කුසපත් ඇදීමේ ක්‍රමයකට මෙම වාසනාවන්ත සේවකයින් 41 දෙනා තෝරාගැනීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සඳහා ගීනා රයින්හාට් අමෙරිකානු ඩොලර් මිලියන 4.1 ක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඇයගේ දළ වත්කම මේ වනවිට ඩොලර් බිලියන 34 ක් ලෙසට තක්සේරු කර ඇති බවයි.