News

IDH රෝහලේ උපකරණ හිගයක් නෑ-අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන කොළඹ අයි.ඩී.එච්.රෝහලේ අත්‍යාවශ්‍ය උපාංග සහ උපකරණ හිඟයක් පවතින බවට ඊයේ(18) දින සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරුණු පණිවිඩය සත්‍ය නොවන බව එම ආයතනයේ අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

තවද රෝගීන් සඳහා අවශ්‍ය උපකරණවල හිඟතාවක් ඇතැයි ඇතැමුන් මුදල් එකතු කිරීමේ යෙදී සිටින බවත් ඒවාට නොරැවටෙන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ වන විට අයි.ඩී.එච්. රෝහල තුළ රෝගීන් සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපකරණ ප්‍රමාණවත් පරිදි තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කලේය.

මෙම අසත්‍ය තොරතුරු ගැන විමසමින් නිරන්තරයෙන් ලැබෙන ඇමතුම් නිසා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීඅට තිබෙන කාලය අපතේ යන බව ඒ මහතා ප්‍රකාශ කලේය.

මෙවැනි කූට ව්‍යාපෘතිවලට නොරැවටෙන ලෙසත් එලෙස මුදල් එකතු කරන පුද්ගලයන් පිළිබඳ පොලිසියට දැනුම් දිමට කටයුතු කරන ලෙසත් වෛද්‍ය අබේවික්‍රම මහතා ඉල්ලා සිටියි