Latest News

නිදහස් උත්සවයට එරෙහිව හිරුණිකා ගාලුමුවදොර දී විරෝධතාවයක

රුපියල් මිලියන 200 ක් වියදම් කරමින් නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද (23) ගාලුමුවදොරට පැමිණ තිබුණා.

සමගි වනිතා ජනබලවේගයේ ජාතික සංවිධායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස ගාලුමුවදොර පිටිය අසළ දී නිදහස් සැමරුම වෙනුවෙන් ඉදිවෙන ඉදිකිරීම් වලට කලු පටි බැඳ විරෝධය පළ කළා.

මේ අතර විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාකරුවන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් අතර පොලීසියේ බාධා කිරීම් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විරෝධතාකරුවන් මාර්ගයේ අනෙක් පසට ගොස් විරෝධතාවය පැවැත්වුවා.