Latest News

ජැක්ලින්ගෙන් යළිත් ප්‍රශ්න කිරීමක්

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩස් නැවත වතාවක් ඊයේ (19) දිනයේ දී දිල්ලි පොලිසියේ මූල්‍ය වැරදි ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජැක්ලීන් දිල්ලි පොලිසියට කැඳවා ඇති බවයි.

ඉන්දීය මූල්‍ය වංචාකරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සමග එක්ව මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා දිනයේදී ද ජැක්ලින්ගෙන් දිල්ලි පොලිසිය පැය 8ක කාලයක් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව මාධ්‍ය වාර්තා කළා.