JCB යන්ත්රයේ කුල්ලට යටවි සහයකයා ජිවිතක්ෂයට (Photos)
ජෙ.සි.බි යන්ත්රයේ කුල්ලට යට වි එම ජෙ.සි .බි යන්ත්රයේ සහයකයා ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
අද (05) උදැසන 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය කලපිටිය ප්රධාන මාර්ගයේ කිරි මැටිය 33 කණුව ප්රදේශයේදිය.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුත්තක් සදහා ජෙ සි බි යන්ත්රයෙන් වැඩ කරමින් සිටියදි එක වරම ජෙ සි බි යන්ත්රයේ කුල්ල ක්රියා විරහිත විම නිසා එම සහයකයා එම කාර්මික දොෂය පරික්ෂා කරමින් සිටි අවස්තාවේදි එක වරම ජෙ සි බි යන්ත්රයේ කුල්ල පහලට වැටි එහි සහයකයා කුල්ලට හිර වි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි පොලිසිය පැවසුවේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ සේවකයින් , නාවලපිටිය පොලිසියේ නිලධාරින් එක් ව දැඩි පරිශ්රමයක් දරා යන්ත්රයේ කුල්ලට සිර වි මිය ගිය එහි සහයකයාගේ සිරුර රැගෙන නාවලපිටිය මුලික රෝහල වෙත භාර දි ඇත.
ජෙ සි බි යන්ත්රයේ ක්රියාකරු සැකපිට නාවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.




රංජිත් රාජපක්ෂ
