ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින අවසන් මහා තරඟයට ජනිතා පෙරේරා තේරී පත්වෙයි
ශ්‍රී ලාංකික යුවතියක් වන ජනිතා පෙරේරා ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින – 2022 ජාතික අවසන් මහා තරඟය සඳහා තරඟ කිරීමට තේරී පත්වී තිබෙනවා.
ඇය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින තරඟයේ ජාතික අවසන් මහා තරඟයට දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි.
ජනිතා පෙරේරා විසින් සිය instargram ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.