News

NDB බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඒෂන ද සිල්වා පත් කෙරේ

NDB බැංකුවේ නව සභාපතිවරයා ලෙසින් ඒෂන ද සිල්වා මහතා පත්කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

මෙරට වාණිජ බැංකුවක ලාබාලතම සභාපතිවරයා වශයෙන් මීට පෙර පෑන් ඒෂියා බැංකුවේ සභාපතිධූරය හෙබවූ ඔහු Esna සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා ද වේ.

Esna Group of companies, Hanjin Shipping Lanka, Shermans Logistic (Pvt) ltd, Star Leisure (Pvt) Ltd, Esna Holidays (Pvt) Ltd සමාගම්වල සභාපතිවරයා වන ඔහු Interocrean Group, Sherman Sons Group හා Fortress Resorts PLC ඇතුළු සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ.

ඒෂන ද සිල්වා මහතා 2011 වසරේ සිට මේ දක්වා කසකස්තානයේ මෙරට කොන්සල්වරයා වශයෙන් කටයුතු කරනු ලබයි.