Latest News

ගායන ශිල්පී නිහාල් නෙල්සන්ටත් කොරෝනා

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට තමන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත.

ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පහතින්.

“මාගේ සියළු හිතමිත්‍රාදීන් දැනුවත් කිරීම උදෙසා මෙම සටහන තබමි.
මා හට covid-19 රෝගය ආසාදනය වී ඇති බව ඊයේ දින සිදුකල පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බැවින් මේ වන විට මා වෛද්‍ය උපදෙස් මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිමි. ඒබැවින් පසුගිය දින කිහිපය තුල මා හමුවූ සියළු දෙනා‌ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ නම් මැනවි. මෙම අවස්ථාවේදී ඔබ විසින් ලබා දෙනු ලබන දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමට නොහැකි වීම සම්බන්ධයෙන් මාගේ කණගාටුව..විශේෂයෙන් ‌රෝහල් අධ්‍යක්ෂකතුමිය, වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයටත් ‌මා රෝහල් ගතවූ විගසම ඒ් බව කිසියම් ආකාරයකින් සැලවී සියළු කාර්යන් පිළිබඳව සොයා බලා මා හට දැක්වූ සහයෝගය පිළිබඳව ගායක ගායිකා සංගමයේ සභාපති ගරු Janaka Wickramasinghe මල්ලිටත් මා හිතවත් ‌වෛද්‍ය Ajith Bandara මල්ලිටත් බොහොම ස්තූතියි….සියළු දෙනාටම බුදු සරණයි. දෙවි පිහිටයි…”