Latest News

මෙරට තුළ වසරකට ප්ලාස්ටික් හැඳි කොටි 60 පරිසරයට මුදා හැරෙයි

භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් හැඳි කෝටි 60ක් පමණ වාර්ෂිකව මෙරට පරිසරයට එක්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,මසකට ප්ලාස්ටික් හැඳි කෝටි 5ක් පමණ භාවිතයෙන් පසු පරිසරයට මුදා හරින බවයි.

විශේෂයෙන් යෝගට්, අයිස්ක්‍රීම් වැනි ආහාර ගැනීම සඳහා මෙන්ම ආහාර සකස් කරන ආයතන විසින් ද බහුලව ප්ලාස්ටික් හැඳි පාරිභොගිකයින් වෙත නිකුත් කෙරන බවත්, මේවා වරක් භාවිතා කර ඉවතලන ඒවා බැවින් පරිසරයට විශාල හානියක් සිදුවන බවත් අමරවීර මහතා සඳහන් කළා.

එමෙන්ම ප්ලාස්ටික් බීම බට ද එවැනි ම ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන බවත්, මේ සියල්ල සඳහා විකල්ප නිෂ්පාදන හඳුන්වා දීමට හැකියාවක් ඇතත් පහසුව සඳහා ප්ලාස්ටික් හැඳි ලබාදීමෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.