2021 ලෝක සංචාරක රූ රැජන ශ්‍රී ලංකාවේ නලීෂා බානුට
ලෝක සංචාරක රූ රැජන 2021 ((Queen of world tourism 2021) තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා බානු ඊයේ (28) සමත්ව තිබෙනවා.
රටවල් 30ක තරගකාරිනියන්ගෙන් යුත් ලෝක සංචාරක රූ රැජන තරඟාවලිය මෙවර පිලිපීනයේ දී පැවැත්වුණා.
කිරුළ හිමිකරගත් නලීෂා බානු 22 හැවිරිදි වියේ පසුවනවා.
එහිදී දෙවැනි ස්ථානය ඉක්වදෝරයට හා තෙවන ස්ථානය කැනඩාවට හිමි විය.
මීට පෙර ලෝක සංචාරක රූ රැජන තරගාවලියෙන් තුන් වන ස්ථානයක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණද ප්‍රථම ස්ථානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.
කිරුළට අමතරව miss popular සහ miss talent යන ඉසව් ද්විත්වයෙන්ද නිලීෂා බානු ජයග්‍රහණය කර ඇත.
Miss talent ඉසව්වෙන් ඇයට ජයග්‍රහණය හිමිව ඇත්තේ අංගම්පොර හා ගින්දර එකතුව සිදුකළ රඟදැක්වීමකින් වීම විශේෂත්වයක්.
තරගාවලිය මාර්ගගතව රටවල් කිහිපයක විකාශනය කෙරුණු අතර ලංකාවේ වේලාවෙන් ඊයේ (28) උදෑසන 10.30ට පමණ ඇයට කිරුළ හිමිවිය.
ඇයගේ පුහුණුකරු වන්නේ රුක්මල් සේනානායක යි.