අතුරුදන් ව සිටි ජනප්‍රිය නිළියකගේ සිරුර පාලමක් අසල තිබී හමුවෙයි
බංග්ලාදේශයේ අතුරුදන් ව සිටි ජනප්‍රිය නිළියකගේ සිරුර ගෝනියක බහා තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රයිමා ඉස්ලාම් ෂිමුගේ (Raima Islam Shimu ) බංග්ලාදේශ රංගන ශිල්පිනියක්.
ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා වන ෂකාවත් අලි නොබෙල් පාපොච්චාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
රයිමා ඉස්ලාම් ෂිමු අතුරුදහන් වී දිනකට පසු, ඩකා හි කෙරනිගං හි පාලමක් අසල ගෝනියක් තුළ තිබී සිරුර සොයාගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ නිළියගේ සිරුරේ තුවාල සලකුණු රැසක් තිබූ බව පොලිසිය ප්‍රකාශ කර ඇති අතර ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ශ්‍රීමත් සාලිමුල්ලා වෛද්‍ය විද්‍යාල රෝහල (SSMCH) වෙත යවා තිබෙනවා.
එරට ආරක්ෂක අංශ සැකපළකරන්නේ මෙම ඝාතනය ඉරිදා දින සිදුකර පසුව එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් Raimaගේ සැමියා සහ ඔහුගේ රියදුරු පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
එරට අතිශය ජනප්‍රිය නිළියක් වන ඇය මේ වනවිට චිත්‍රපට 25කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.