ජබර ව්‍යාංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
ජබර 200g
ලූනු 30g
අමුමිරිස් කරල් 2
කූණිස්සන් මේස හැඳි 1
කරි කුඩු මේස හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
මිරිස් කුඩු තේ හැඳි 1/2
බිලිං (කපා සෝදා මිරිකාගත්) මේස හැඳි 1
දියකිරි අඬුකෝප්ප 1
මිටිකිරි අඬුකෝප්ප 1 1/2
රම්පේ, කරපිංචා, කුරුඳු පොතු
ලුණු රස අනුව
සාදන ක්‍රමය
ජබර සෝදා පොඩියට කපා මිරිකාගන්න.
මිටිකිරි හා ජබර හැර අනෙකුත් සියල්ල දියකිරෙන් තම්බාගන්න.
දිය සිඳීගෙන එන විට ජබර හා මිටිකිරි දමා හින්දාගන්න.
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා