ඉවුම් පිහුම්

පුරවපු මාලුමිරිස්

අවශ්‍ය ද්‍රව්‍ය

*මාලුමිරිස් කරල් 7/8

*අල ග්‍රෑම් 150

*මාළු ග්‍රෑම් 150

*සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2/3

*තලාගත් ඉඟුරු, සුදුලූනු ස්වල්පය බැගින්

*කුරුඳු පොතු කැබැල්ලක්

*සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1

*පාන්කුඩු ස්වල්පයක්

*තෙල් අවශ්‍ය පමණ

*ලුණු, ගම්මිරිස් රස පදමට

*දෙහි ඉස්ම තේ හැඳි 1

*පාන්පිටි ග්‍රෑම් 50

*කෝන්ෆ්ලා මේස හැඳි 2

 

සාදන ක්‍රමය

*බඳුනක් ලිප තබා ඊට තෙල් එක්කර රත්වෙද්දී ඊට තලාගත් ඉඟුරු, සුදුලූනු, ලූනු, අමුමිරිස්, කරපිංචා, කුරුඳුපොතු, එනසාල් එක්කර බැදගන්න.

*එයට තම්බා පොඩි කරගත් මාළු සහ අල එක්කර හොඳින් කලවම් කරන්න. ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ රස පදමට එක්කරන්න.

*දැන් මාලුමිරිස් සෝදා පලා ඇට ඉවත් කරගන්න.

*සාදාගත් මිශ්‍රණය පිටතට නොඑන සේ කරල් තුළට පුරවාගන්න.

*දැන් පාන්පිටි හා කොන්ෆ්ලා වතුර එක්කර සාමාන්‍ය ඝනකම් බැටරයක් සාදාගන්න. එසේ සාදාගත් බැටරයේ මාලුමිරිස් කරල් ගිල්වා පාන්කුඩු දවටා බැදගන්න.

**මෙය අමුත්තන්ට සංග්‍රහයටද කදිමය.